Day: October 23, 2021

පරිප්පුවලයි හාල්වලයි මිල බලන්න නම් මාව පත් කළේ, ඒකෙන් වැඩක් නෑ – ජනපති

රටේ ජනතාව තමාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් ඵලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, සියයට සියයක් කාබනික ගොවිතැන ඔස්සේ වගාව සාර්ථක කරගත් ගොවිපොළක් නිරීක්ෂණය කිරීම සඳහා අද (23) පැමිණ සිටි අවස්ථාවේදීය. “අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ

Read More »

මහීෂ් තීක්ෂණ ට සුපිරි වටයේ පළමු තරගය අහිමි විය හැකි බවට වාර්තා

ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ පළමු තරගය අහිමි විය හැකි බවට වාර්තා පළවනවා. ඒ, ඊයේ නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගය අතරතුරදී ඔහු මාංශපේශී ආබාධයකට ලක්වීම හේතුවෙනුයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සුපිරි වටයේ තරගය හෙට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා. ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ක්‍රීඩක භානුක රාජපක්ෂ කියා සිටියේ මහීෂ් තීක්ෂණට මතුවී ඇති ආබාධය අනුව බොහෝ දුරට හෙට තරගයේදී ඔහු විවේක ගැන්වෙනු ඇති බවයි. මහීෂ්

Read More »

ලොක්ඩවුන් තත්වයෙන් මුදා හැරුණද වික්ටෝරියා කොවිඩ් අවධානම තවමත්

ලොක්ඩවුන් තත්වයෙන් මුදා හැරුණද වික්ටෝරියා ප්‍රාන්තය තවමත් කොවිඩ් අවධානමෙන් මිදී ගොස් නැතැයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. එබැවින් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය කරමින් වගකීම් සහගතව හැසිරෙන ලෙසයි ප්‍රාන්තයේ කොවිඩ් අණදෙන නිළධාරී Jeroen Weimar ජනතාවට දන්වා සිටින්නේ. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,750 ක් හමුව ඇත. මරණ 9ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,164 කි. Jeroen Weimar පවසන්නේ

Read More »

නිවු සවුත් වේල්ස් ක්‍රීඩා කටයුතු නගා සිටුවීම වෙනුවෙන් ඩොලර් මිලියන 25 ක ආධාර

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රීඩා කටයුතු නගා සිටුවීම වෙනුවෙන් ඩොලර් මිලියන 25 ක ආධාර ලබාදීමට තීරණය කර තිබේ. ප්‍රාන්ත අගමැති Dominic Perrottet නිවේදනය කලේ කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථිකය නගා සිටුවීමේ එක් පියවරක් ලෙස එය ක්‍රියාත්මක බවයි. ක්‍රීඩා ඉසව් ආරම්භ කිරීමත් සමග ප්‍රාන්තය තුළ දෛනික කටයුතු තවදුරටත් පුලුල් වනු ඇති බවටද ඔහු අනාවැකි පළකර සිටී. කොවිඩ් හමුවේ ක්‍රීඩා කටයුතු නතර කර තිබීම හේතුවෙන් ක්‍රීඩා සමාජවල සේවක සේවිකාවන් 30,000 කට පමණ අවහිරතා මතුව තිබූ බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

Read More »

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා ඔස්ටේ්‍රලියාව තුළ ඔන්ලයින් පෙත්සමක්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබේ. ඔස්ටේ්‍රලියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක AUSTRALIA-SRILANKA FORUM FOR JUSTICE FOR THE EASTER SUNDAY VICTIMS සංවිධානය විසිනුයි ඊට මුලපුරා ඇත්තේ. 2019-04-21 සිදුවූ අදාළ ප්‍රහාරයේදී මියගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඔස්ටේ්‍රලියානුවන්ද වන බව මෙම පෙත්සෙමේ දක්වා තිඛෙනවා. ඒ අනුව වරදකරුවන්ට එරෙහිව නිසි පියවර ගන්නැයි ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි ඔස්ටේ්‍රලියානු රජයෙන් ඉල්ලා සිටීම මෙම පෙත්සමේ මූලික අරමුණක්. පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ

Read More »