
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රීඩා කටයුතු නගා සිටුවීම වෙනුවෙන් ඩොලර් මිලියන 25 ක ආධාර ලබාදීමට තීරණය කර තිබේ.
ප්‍රාන්ත අගමැති Dominic Perrottet නිවේදනය කලේ කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථිකය නගා සිටුවීමේ එක් පියවරක් ලෙස එය ක්‍රියාත්මක බවයි.
ක්‍රීඩා ඉසව් ආරම්භ කිරීමත් සමග ප්‍රාන්තය තුළ දෛනික කටයුතු තවදුරටත් පුලුල් වනු ඇති බවටද ඔහු අනාවැකි පළකර සිටී.

කොවිඩ් හමුවේ ක්‍රීඩා කටයුතු නතර කර තිබීම හේතුවෙන් ක්‍රීඩා සමාජවල සේවක සේවිකාවන් 30,000 කට පමණ අවහිරතා මතුව තිබූ බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.
එමෙන්ම ජාත්‍යන්තර සිසුන් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ෆෙඩරල් රජය සමග අඛණ්ඩව සාකච්ඡා ක්‍රියාත්මක බවද Dominic Perrottet අනාවරණය කලේය.
