ලොක්ඩවුන් තත්වයෙන් මුදා හැරුණද වික්ටෝරියා කොවිඩ් අවධානම තවමත්

ලොක්ඩවුන් තත්වයෙන් මුදා හැරුණද වික්ටෝරියා ප්‍රාන්තය තවමත් කොවිඩ් අවධානමෙන් මිදී ගොස් නැතැයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

එබැවින් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය කරමින් වගකීම් සහගතව හැසිරෙන ලෙසයි ප්‍රාන්තයේ කොවිඩ් අණදෙන නිළධාරී Jeroen Weimar ජනතාවට දන්වා සිටින්නේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,750 ක් හමුව ඇත.

මරණ 9ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,164 කි.

Jeroen Weimar පවසන්නේ මේ වනවිට දකුණු මෙල්බර්න් ආශ්‍රිතව ආසාධිතයන් වාර්තාවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි.

එබැවින් මෙතෙක් කොවිඩ් එන්නත ගෙන නොමැති කවරෙකු හෝ වෙතොත් වහා එය ලබාගත යුතු බවයි ඔවු අවධාරණය කරන්නේ.

source : https://www.9news.com.au/national/coronavirus-victoria-update-melbourne-1750-cases-nine-deaths-lockdown-ends-weekend/f37290f3-0807-4c87-acec-4604c8e571b1

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »