පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා ඔස්ටේ්‍රලියාව තුළ ඔන්ලයින් පෙත්සමක්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබේ.

ඔස්ටේ්‍රලියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක AUSTRALIA-SRILANKA FORUM FOR JUSTICE FOR THE EASTER SUNDAY VICTIMS සංවිධානය විසිනුයි ඊට මුලපුරා ඇත්තේ.

2019-04-21 සිදුවූ අදාළ ප්‍රහාරයේදී මියගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඔස්ටේ්‍රලියානුවන්ද වන බව මෙම පෙත්සෙමේ දක්වා තිඛෙනවා.

ඒ අනුව වරදකරුවන්ට එරෙහිව නිසි පියවර ගන්නැයි ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි ඔස්ටේ්‍රලියානු රජයෙන් ඉල්ලා සිටීම මෙම පෙත්සමේ මූලික අරමුණක්.

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව වහා එළි දක්වන්නැයි ඉල්ලා සිටීම තවත් අපේක්ෂාවක් බවයි මෙම පෙත්සමේ දක්වා ඇත්තේ.

පහත ලින්ක් එකට පිවිසීමෙන් මෙම ඔන්ලයින් පෙත්සමට අත්සන් තැබිය හැකි වනවා.

https://chng.it/dvTPg88V

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »