Day: October 23, 2021

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 333 ක් / මරණ 02 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (22) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 333 ක් වාර්තා වි තිබේ. දැනට 469 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 123 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 02 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 550 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 64,118 ක් සිදු කර ඇත. NSW COVID-19 update – Saturday 23 October 2021In the 24-hour

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,750ක් | මරණ 9ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,750 ක් හමුව ඇත. මරණ 9ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,164 කි. ඊයේ දිනයේදී (22) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 72,858 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 39,126ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1451670949158289409?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »

Cleo Smith දැරිය අතුරුදන්ව අදට දින 07 ක් – කිලෝමීටර් 1000 ක කලාපයේ CCTV පරීක්ෂාවක්

බටහිර ඔස්ටේ්‍රලියා හි කඳවුරු භූමියකදී අතුරුදන් වූ Cleo Smith නම් 04 හැවිරිදි දැරිය පිළිබඳ තොරතුරක් නොමැතිව අදට දින 07 ක් ගතවේ. සිය පවුලේ සාමාජිකයන් සමග Blowholes campsite කඳවුරු භූමියේ සිටියදී ඇය අතුරුදන්ව ඇතැයි හෙළිවූයේ පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේදීයි. මේ වනවිට බටහිර ඔස්ටේ්‍රලියා පොලිසිය විසින් කිලෝමීටර් 1000 ක වපසරියක් සහිත කලාපයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අදාළ කලාපයේ පිහිටා ඇති බේකරි සහ ළමා ඇඳුම් අලෙවිසැල් වෙත බළධාරීන් දන්වා ඇත්තේ CCTV කැමරා පරීක්ෂා කර බලන ලෙසටයි. Cleo

Read More »

ඔස්ටේ්‍රලියා එන්න සිටි ජගත් වැල්ලවත්ත ඉතාලි යවයි

ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කල ආචාර්ය ජගත් වැල්ලවත්ත එම ධුරයෙන් ඉවත් කර තිබේ. ඒ වෙනුවට ඔහු ඉතාලියේ තානාපතිවරයා ලෙස පත්කර යැවීමටයි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ. ජගත් වැල්ලවත්ත ඔස්ටේ්‍රලියාවට පත්කර එවීමට මීට පෙරද අනුමැතිය ලැබී තිබුණද ඔහු මෙතෙක් එම තනතුර භාරගෙන තිබුණේ නැහැ. කෙසේවෙතත් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත්කල නිවේදනයක දැක්වුණේ ජගත් වැල්ලවත්ත ඉතාලියේ තානාපතිවරයා ලෙස පත් කර ඇති බවයි. ඔහු විසින් ව්‍යාපාරික සංසදයක් අමතන වීඩියෝවක්ද පසුගියදා

Read More »