ඔස්ටේ්‍රලියා එන්න සිටි ජගත් වැල්ලවත්ත ඉතාලි යවයි

ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කල ආචාර්ය ජගත් වැල්ලවත්ත එම ධුරයෙන් ඉවත් කර තිබේ.

ඒ වෙනුවට ඔහු ඉතාලියේ තානාපතිවරයා ලෙස පත්කර යැවීමටයි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

ජගත් වැල්ලවත්ත ඔස්ටේ්‍රලියාවට පත්කර එවීමට මීට පෙරද අනුමැතිය ලැබී තිබුණද ඔහු මෙතෙක් එම තනතුර භාරගෙන තිබුණේ නැහැ.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත්කල නිවේදනයක දැක්වුණේ ජගත් වැල්ලවත්ත ඉතාලියේ තානාපතිවරයා ලෙස පත් කර ඇති බවයි.

ඔහු විසින් ව්‍යාපාරික සංසදයක් අමතන වීඩියෝවක්ද පසුගියදා සමාජ මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් හුවමාරු වී තිබිණ.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2024 ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සමත් වුණා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුරුවරු පිරිසක් body camera ඉල්ලයි

පාසල් තුළ මෙන්ම පන්ති කාමර තුළ ප්‍රචණ්ඩත්ව ඉහළ යාම හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ගුරුවරුන් තමන්ට ඇඳුමේ කැමරා (body camera) පැළඳීමට අවස්ථාව ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »