ස්වීඩනයේදී යුපුන් අබේකෝන් ආබාධයකට ලක් වෙයි?

ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අබාධයකට ලක් වී ඇතැයි වාර්තා වනවා.

ඒ, ස්වීඩනයේ Stockholm ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගයට සහභාගී වීමෙන් අනතුරුව බවයි පැවසෙන්නේ.

ඊයේ (03) රාත්‍රී 10.30ට එම තරගය පැවැත්වුණා.

කෙසේ වෙතත් ඔහු ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් මේ දක්වා නිල තොරතුරු කිසිවක් වාර්තා වී නැහැ.

යුපුන් සමගින් ජර්මන්, ඉතාලි, ස්වීඩන, ජපාන සහ ඇමරිකානු ක්‍රීඩකයින් එහි දී තරග කළ බවයි වාර්තා වන්නේ.

ඊට පෙර පැවති ඩයමන්ඩ් ලීග් තරග මාලාවේ 7 වැනි අදියරේ මීටර් 100 දෙවැනි කාණ්ඩයේ අවසන් තරගය ජයගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා.

එහිදි යුපුන් දැක්වූ දක්ෂතාව තත්ත්පර 10.22 ක්.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »