ඔස්ට්‍රේලියාවේ ගුරුවරු පිරිසක් body camera ඉල්ලයි

පාසල් තුළ මෙන්ම පන්ති කාමර තුළ ප්‍රචණ්ඩත්ව ඉහළ යාම හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ගුරුවරුන් තමන්ට ඇඳුමේ කැමරා (body camera) පැළඳීමට අවස්ථාව ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

පන්ති කාමරවල ඉහළ යන ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙම කැමරා තම නිල ඇඳුමේ කොටසක් විය යුතු බවයි ඇතැම් ගුරුවරුන් ඉල්ලා ඇත්තේ.

පසුගිය 2023 වසරේ ප්‍රාන්තයේ සිසුන් 20,000 කට වැඩි පිරිසක් විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පාසලින් නෙරපා හැරීම හෝ පන්ති තහනම් කිරීම සිදු කරනු ලැබුවා.

එවැනි හැසිරීමක් සහිත ළමයින් ගුරුවරුන් පැළඳ සිටින කැමරා මගින් ග්‍රහණය කර ගැනීමට ඉඩ සැලසෙන අතර එමඟින් අදාළ සිසුන් පිළිබඳ දෙමාපියන් දැනුවත් කර උපදේශන හෝ එවැනි උපකාරයක් සඳහා යොමු කළ හැකි බව අධ්‍යාපනඥයින් පෙන්වා දෙනවා.

සෑම දිනකම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ගුරුවරුන් ශාරීරිකව හා වාචිකව අපයෝජනයට ලක් වන අතර එය සුදුසු තත්වයක් නොවන බවයිe අධ්‍යාපන අමාත්‍ය ඩි ෆාමර් අවධාරණය කළේ.

ක්වීන්ස්ලන්ඩ් ගුරු වෘත්තීය සංගමයේ ජාතික සම්බන්ධීකාරක ස්කොට් ස්ටැන්ෆර්ඩ් පැවසුවේ සිසුන් වී විසින් ගුරුවරුන්ට පහරදීම, මේස සහ පුටුවලින් පහරදීම මෙන්ම කෙළ ගැසීම වැනි සිදුවීම් වාර්තා වන බවයි.

එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ අත්හදා බලමින් පවතින මෙම යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් ද ඉදිරිපත් වී ඇති අතර එය සාර්ථක ක්‍රමයක් නොවන බවට ද අදහස් පලවී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »