වයස ඉලක්කමක් පමණක් වූ ප්‍රකෝටිපතියා 5 වන වරටත් විවාහ වෙයි

ලොව ප්‍රධානතම මාධ්‍ය ආයතන හිමිකරුවකු වන Rupert Murdoch පස්වැනි වරටත් විවාහ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

93 හැවිරිදි මර්ඩොක් ඔහුගේ නව බිරිඳ වන 67 හැවිරිදි රුසියානු ජීව විද්‍යාඥවරියක වන Elena Zhukova සමඟ කැලිෆෝනියාවේදී විවාහ ගිවිස ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දරුවන් හය දෙනෙකුගේ පියෙක් වන ඔස්ට්‍රේලියාවේ උපන් Rupert Murdoch, ෆොක්ස් නිවුස්, වෝල් ස්ට්‍රීට් ජර්නල්, ද සන් සහ ටයිම්ස් මාධ්‍ය සමාගම්වල හිමිකාරීත්වය දරන නිව්ස් කෝපරේෂන් හි හිටපු සභාපතිවරයායි.

Elena Zhukova යනු රුසියා, ඇමරිකා කලා කෘති එක් රැස් කරන්නෙකු වන Dasha Zhukova ගේ මවයි.

Rupert Murdoch දශක ගණනාවක් පුරා වෝල් ස්ට්‍රීට් ජර්නල්, නිව් යෝර්ක් පෝස්ට් සහ ෆොක්ස් නිවුස් ඇතුළත් මාධ්‍ය සමාගම් දෙකක් වන ෆොක්ස් කෝපරේෂන් සහ නිව්ස් කෝපරේෂන් හි ප්‍රධානියා ලෙසට කටයුතු කරනවා.

Bloomberg’s Billionaire Index අනුව ඩොලර් බිලියන 9.77ක ශුද්ධ වටිනාකමක් ඇති Rupert Murdoch, 2023 නොවැම්බර් මාසයේදී නිවේදනය කළේ තමන් ආයතන දෙකේම සභාපති ධූරයෙන් ඉවත් වන අතර පුත්‍රයා වන Lachlan Keith Murdochට පාලනය භාර දෙන බවයි.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තා අනුව ප්‍රකෝටිපතියා ෂුකෝවා සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කිරීමෙන් පසු මාර්තු මාසයේදී විවාහ ගිවිස ගැනීම නිවේදනය කර තිබුණා.

ඔහු මීට පෙර විවාහ වූයේ හිටපු සුපිරි නිරූපිකාවක් වන ජෙරී හෝල් සමඟ වන අතර එම යුවළ 2022 දී දික්කසාද වුණා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »