
ඔස්ට්‍රේලියාවේ නව Pacific Engagement Visa ලියාපදිංචිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඊයේ සිට ආරම්භ කළ මෙම වැඩසටහන මගින් පැසිෆික් දූපත් සහ ටිමෝරයේ ලෙස්ටේ ජාතිකයින් 3000කට ලියාපදිංචි විය හැකි බවයි ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කර ඇත්තේ.
මේ සදහා මාර්ගගත අයදුම් පත්‍රයක් සම්පුර්ණ කළ යුතු අතර පසුව ස්ථිර පදිංචිකරුවන් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට වීසා බලපත්‍රය සඳහා අයදුම් කළ හැකි වීම විශේෂත්වයක්.

අයදුම්කරුවන්ට ඔස්ට්‍රේලියාවේ විධිමත් රැකියා දීමනාවක් ලබා ගත යුතු අතර වීසා බලපත්‍රයක් ලබා දීමට පෙර සෞඛ්‍ය සහ චරිත සහතික වැනි අවශ්‍යතා ද සපුරාලිය යුතුයි.
විදේශ කටයුතු අමාත්‍ය පෙනි වොන්ග් සඳහන් කළේ ජනතාව අතර සම්බන්ධතා ශක්තිමත් කරන අතර පැසිෆික් රටවල් සමඟ සංස්කෘතික, ව්‍යාපාරික, ආර්ථික සහ අධ්‍යාපනික හුවමාරුව දිරිමත් කිරීම මෙම වීසා වැඩසටහනේ අරමුණ බවයි.
