Search

Cleo Smith දැරිය අතුරුදන්ව අදට දින 07 ක් – කිලෝමීටර් 1000 ක කලාපයේ CCTV පරීක්ෂාවක්

බටහිර ඔස්ටේ්‍රලියා හි කඳවුරු භූමියකදී අතුරුදන් වූ Cleo Smith නම් 04 හැවිරිදි දැරිය පිළිබඳ තොරතුරක් නොමැතිව අදට දින 07 ක් ගතවේ.

සිය පවුලේ සාමාජිකයන් සමග Blowholes campsite කඳවුරු භූමියේ සිටියදී ඇය අතුරුදන්ව ඇතැයි හෙළිවූයේ පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේදීයි.

මේ වනවිට බටහිර ඔස්ටේ්‍රලියා පොලිසිය විසින් කිලෝමීටර් 1000 ක වපසරියක් සහිත කලාපයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අදාළ කලාපයේ පිහිටා ඇති බේකරි සහ ළමා ඇඳුම් අලෙවිසැල් වෙත බළධාරීන් දන්වා ඇත්තේ CCTV කැමරා පරීක්ෂා කර බලන ලෙසටයි.

Cleo Smith දැරිය අනිවාර්යෙන් පැහැරගැනීමකට ලක්වී ඇතැයි විමර්ශන අංශ පසුගියදා තහවුරු කර ගත්තේය.

එමෙන්ම දැරිය පිළිබඳ නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් දෙන බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පසුගියදා නිවේදනය කලේය.

PIC – (Instagram: Ellie Smith)

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »