Powerball jackpot ඩොලර් මිලියන 60 ක සමස්ත ජයමල්ල තනි අයෙකු දිනාගනී – ජය අංක මෙන්න

ඊයේ රාත්‍රියේ දිනුම් අදින ලද Powerball jackpot හි ඩොලර් මිලියන 60 ක සමස්ත ජයමල්ලම එක් පුද්ගලයෙකු විසින් ජයගෙන තිබේ.

1327 වන දිනුම් වාරයේ ජය අංක වනුයේ 7, 17, 11, 28, 30, 2, 27 සහ Powerball 11 යි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ අවස්ථා 12 කදී  division one ජයග්‍රාහකයන් බිහිවී ඇති අතර ඩොලර් මිලියන 410 ක සමස්ත මුදලක් දිනා ඇත.

මෙම වසරේදී තනි පුද්ගලයෙකු විසින් දිනාගත් වැඩිම මුදල ඩොලර් මිලියන 80 කි.

කොවිඩ් තත්වය හමුවේ රැකියාව අහිමිවූ උතුරු මෙල්බර්න් පදිංචි පිරිසිදු කරන්නෙකු විසින් එය දිනාගෙන තිබිණ.

එමෙන්ම මෙම වසරේදී ඩොලර් මිලියන 60 ක ජයමල්ලක් දිනාගත් 03 වන අවස්ථාවද මෙයයි.

කෙසේවෙතත් පසුගිය සති 05 පුරාවට කිසිදු  division one ජයග්‍රාහකයෙකු බිහිවී තිබුණේ නැහැ.

SOURCE : https://7news.com.au/news/lotto/powerball-draw-1327-results-one-person-wins-entire-60-million-jackpot-c-4299924

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »