එන්නත්කරණයට ලක් නොවූ වික්ටෝරියාවාසීන්ට ලබන වසරේ Melbourne Grand Prix තහනම්

Melbourne Grand Prix

කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් නොවූ වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට ඇතැම්විට ලබන වසරේදී ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීමට නොහැකි වන පරිදි නීති ගෙන එන බවට අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් අනතුරු අගවනවා.

සති 02 ක් තුළ සියයට 80 එන්නත්කරණ ඉලක්කය සපුරාගත යුතු බවයි අගමැතිවරයා අවධාරණය කලේ.

මේ අනුව බොහෝදුරට ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන Melbourne Grand Prix වැනි ඉසව් සඳහා සහභාගීවීමට එන්නත ලබාගෙන නොමැති පුද්ගලයන්ට අවසර ලබා නොදෙනු ඇති.

අදාළ ස්ථාන හෝ ඉසව් කවරේද යන්න තවමත් අවසන් වශයෙන් තීන්දු කර නැතැයිද ඩැනියල් ඇන්ඩෘෘස් පැවසීය.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත එන්නත්කරණයේ ද්විත්ව මාත්‍රා ලබාගත් පිරිසේ 70% ඉලක්කය කරා ළඟාවූ විට හුදකලා වීමේ කාලය කෙටි කිරීමට අපේක්ෂා කරන බවද වික්ටෝරියානු ප්‍රාන්ත රජය තහවුරු කළේය.

SOURCE : https://www.9news.com.au/national/coronavirus-update-victoria-case-numbers-operations-cancelled-as-covid-patients-take-hospital-beds/d2e40bcd-8f94-4f5b-9172-4a276a7c45b7

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »