
වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොවිඩ් එන්නත්කරණය තවත් වේගවත් කිරීම සඳහා ඩොලර් මිලියන 21 ක නව පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් පැවසුවේ ආබාධ සහිත පුද්ගලයන් – අධි අවධානම් කාණ්ඩ සහ විවිධ ජන කොට්ඨාශ නියෝජනය කරන පුද්ගලයන් එන්නත්කරණය සඳහා එමගින් ප්‍රතිපාදන වෙන් කෙරෙන බවයි.
විශේෂයෙන් ප්‍රාදේශීය ප්‍රදේශවල එන්නත්කරණ පහසුකම් වැඩි දියුණු කිරිම සඳහා මේ යටතේ වැඩි ඉඩක් වෙන් කෙරෙන බවද අගමැතිවරයා පැවසීය.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,749 ක් හමුව ඇත.
මරණ 11ක් ද වාර්තා විය.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,476 කි.
ඊයේ දිනයේදී (18) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 68,702 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36,751ක් ලබා දී තිබේ.