
පූර්ණ එන්නත්කරණයට ලක්වූ මෙල්බර්න්වාසීන් දහස් ගණනකට Victoria’s national war memorial හිදී ලබන මාසයේ පැවැත්වෙන Remembrance Day සැමරුම සඳහා සහභාගීවීමට අවසර දී තිබේ.
උපරිම 3800 දෙනෙකුට ඒ සඳහා අවසර ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් අද නිවේදනය කලේ.
Remembrance Day සැමරුම ලබන මස 11 වනදාට යෙදී තිබේ.

පැමිණෙන පුද්ගලයන් කලින් ලියාපදිංචි විය යුතු නොමැති නමුත් Service Victoria ඇප්ලිකේෂනය හරහා Check in විය යුතු වනවා.
පසුගිය වසරේ පැවති Remembrance Day සැමරුම සඳහා Victoria’s national war memorial වෙත ඒකරාශීවීම තහනම් කර තිබිණ.
