ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටොකරන්සි ගනුදෙනු අනුමත නැහැ – මහ බැංකුව දැඩි ස්ථාවරයක

ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ යම් පුද්ලයෙකු ක්‍රිප්ටොකරන්සි භාවිතයෙන් ගනුදෙනු කරන්නේ නම් එහි අවදානම දැරීමේ වගකීම ද ඔවුන් සතු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

මේ වන විට ඇතැම් සමාගම්, විශේෂයෙන්ම සුඛෝපභෝගී මහල් නිවාස (Apartments) වෙළෙඳාමේ නිරත සමාගම් ඒවා අලෙවියේ දී සහ බදු දීමේ දී ක්‍රිප්ටොකරන්සි ගෙවීම් භාරගන්නා බවට ප්‍රසිද්ධි දැන්වීම් පළකර ඇති බැවින් එවැනි ගනුදෙනු ශ්‍රී ලංකාව තුළ අනුමතද යන කරුණ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

“ක්‍රිප්ටොකරන්සිවල අපේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ. අපි ඒ ප්‍රතිපත්තියේම තමයි ඉන්නේ. යම් අය වෙන වෙන මුදල් භාවිතා කරනවා නම් ඒ අවදානම ඒ අය ගන්න ඕනේ. භාණ්ඩ හුවමාරු කරද්දීත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ මුදල් ඒකකය රුපියල. එතනින් එහාට වෙන කිසිම දෙයක් අපි අනුමත කරලා නැහැ“, යනුවෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් මෙහිදී පැවසීය.

ක්‍රිප්ටොකරන්සි මුදල් භාවිතය පිළිබඳ සිය ස්ථාවරය දක්වමින් 2021 අප්‍රේල් 09 දින ශ්‍රී ලංකා මහ බැංකුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී.

එහි සඳහන් වූයේ අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයින්ට මෙන්ම ආර්ථිකයට ඇති විය හැකි මූල්‍ය (financial), මෙහෙයුම් (operational), නෛතික (legal), පාරිභෝගික ආරක්ෂාව (customer protection ) සහ ආරක්ෂණය (security) සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවනු ලබන බවයි.

මෙම පසුබිම තුළ ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බව පසුගිය දා (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක දී නිවේදනය කරන ලදී.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »