Just In : වික්ටෝරියා ප්‍රාන්තයට යළි ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමේ යෝජනාවට අනුමැතිය

වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් ජාත්‍යන්ත්ර සිසුන් ගෙන්වා ගැනීමේ යෝජනාවට ප්‍රාන්ත රජය අනුමැතිය දී තිබෙනවා.

වසර අවසානය වනවිට එය ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

පළමු අධියරේදී සතියකට සිසුන් 120 ක් බැගින් මෙල්බර්න් නගරයද ඇතුළත් වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට ප්‍රාන්ත රජය විසින් අනුමැතිය පළ කර තිබෙනවා.

සිසුන්ගේ හෝටල් නිරෝධායනය සඳහා වැය වන ඩොලර් 5000 ක් බැගින් වන මුදල අධ්‍යාපන ආයතන විසින් දැරීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම යෝජනාව ෆෙඩරල් රජයේ අනුමැතිය සඳහා යොමුකර ඇති අතර බොහෝදුරට මෙම සතිය අවසානය වනවිට එම අනුමැතිය ලැබෙනු ඇති බව සඳහන්.

ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් ද ඊයේ කියාසිටියේ ලබන මාසයේදී දේශ සීමා විවෘත කිරීමෙන් පසු පළමු ප්‍රමුඛතාවය හිමිවන්නේ ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු ශ්‍රමිකයන් රටට ගෙන්වා ගැනීම බවයි.

විදෙස් සිසුන් හරහා වික්ටෝරියා ප්‍රාන්ත රජය වාර්ෂිකව උපයන මුදල ඩොලර් බිලියන 14 කට ආසන්නයි.

 

source : https://www.theage.com.au/politics/victoria/international-students-set-to-return-to-victoria-this-year-20211005-p58xe6.html?btis

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »