නත්තලේදී ඔස්ටේ්‍රලියානුවන් වෙන්කරන්නේ නෑ – ප්‍රාන්ත සීමා විවෘත කිරීම ගැන අගමැතිගෙන් ඉගියක්

නත්තල් කාල වකවානුවේදී අන්තර් ප්‍රාන්ත සීමා වසා දැමීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.

කෙසේවෙතත් එන්නත්කරණ ඉලක්කය ජයගැනීම එක් එක් ප්‍රාන්ත අගමැතිවරුන් සතු වගකීමක් බවයි අමෙරිකාවේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා කියාසිටියේ.

ඔස්ටේ්‍රලියානුවන් එකිනෙකාගෙන් වෙන් කර තැබීමට තමන් තුළ කිසිදු අපේක්ෂාවක් නැතැයිද ස්කොට් මොරිසන් සඳහන් කලා.

වෛරසය සමග ජීවත්වීමේ වැඩපිළිවෙල දැනටමත් හඳුන්වාදී ඇති බවත් QR Code ක්‍රමය ඊට සාර්ථක ආරම්භයක් බවත් ඔහු කියාසිටියා.

මේ වනවිට රටේ මුලු ජනගහණයෙන් සියයට 50 කට වඩා පූර්ණව එන්නත්කරණයට ලක්කිරීමට හැකිවීම විශාල ජයක් බවයි අගමැති ස්කොට් මොරිසන් පෙන්වා දුන්නේ.

Pic Credit: LUKAS COCH/AAPIMAGE

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

සිඩ්නි සහ බ්‍රිස්බේන් ගුවන්තොටුපලවලින් මගීන්ට දැනුම්දීමක්

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවයේ ගුවන් ගමන් අවලංගු කිරීම හමුවේ එම ගුවන් යානාවල ආසන වෙන් කර ගත් මගීන්ට අද සහ හෙට ගුවන් තොටුපළට නොයන ලෙසට බ්‍රිස්බේන් සහ සිඩ්නි ගුවන් තොටුපළ දැනුම්දී තිබෙනවා.

Read More »

අද සිට ඔස්ට්‍රේලියාවේ වීසා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසුන්ට අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය අද සිට ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »