මෙල්බර්න් Lockdown නීති ලිහිල් කිරීම අගහරුවාදා සිට – වෙනස් වන නීති මෙන්න

පසුගිය සතියේදී ප්‍රකාශයට පත් කල මාර්ග සැළසුම අනුව ලබන අගහරුවාදා එනම් 28 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට බලාත්මක Lockdown සීමා ලිහිල් කිරීම ආරම්භ කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසයි.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියාසිටියේය.

මේ සඳහා ඉලක්කගත දිනය අද (26) වුවද එය දින 02 කින් ප්‍රමාද වන බව ඩැනියල් ඇන්ඩෲස් පැවසීය.

ලබන අගහරුවාදා වනවිට ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 80 සම්පූර්ණ වනු ඇතැයිද ඒ අනුව එදිනම සිට අදාළ ලිහිල් කිරීම් සිදුකරන බවද අගමැතිවරයා පැවසීය.

එදින සිට වෙනස් වන නව නීති කවරේද ?

මෙල්බර්න් නාගරික කලාපය

පළමු අධියර – Phase A

මිතුරන් හමුවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට පිටතට යා හැකිය.

ක්‍රිකට් – ගොල්ෆ් වැනි බාහිර ක්‍රීඩා සඳහා අවසර හිමිවේ.

පුද්ගලයන් 05 ක උපරිමයකට ශරීර සුවතා සඳහා එකවර සහභාගී විය හැකිය.

පාසල් විවෘත කිරීම මෙහිදී සිදුවේ. බොහා් දුරට ඔක්තෝබර් 05 වනදා සිට අධියරෙන් අධියර මෙල්බර්න් පාසල් විවෘත කිරීම ආරම්භ කෙරේ.

එහිදී සතියකට දින 02 ක් හෝ 03 ක් පමණක් සිසුන්ට පාසල්වලට පැමිණීමට අවසර දෙනු ඇත.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »