මෙල්බර්න් විරෝධතා පාලනයට පැමිණි පොලිස් නිළධාරීන් හුදකලා කෙරේ

මෙල්බර්න් විරෝධතා සඳහා සහභාගී වූ අයෙකු කොවිඩ් ආසාධිත බව හෙළිවීමත් සමග උද්ඝෝෂණ පාලනයට පැමිණි පොලිස් නිළධාරීන් සැළකිය යුතු පිරිසක් හුදකලා කර තිබේ.

පසුගිය 22 වනදා රාජකාරිවල නිරතවී සිටි පොලිස් නිළධාරීන් මෙලෙස හුදකලා කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් වික්ටෝරියා පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

කෙසේවෙතත් කොපමණ පිරිසක් මෙලෙස නිරෝධායනය කර ඇතිදැයි අනාවරණ වී නැහැ.

මේ අතර ඉදිකිරීම් සේවකයන්ගේ මෙම විරෝධතාවය හමුවේ මෙල්බර්න් නගරයේ කොවිඩ් වෛරසය අධි වේගයෙන් පැතිරීමේ අවධානමක් පිළිබඳවද අනතුරු ඇගවෙනවා.

වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ විරෝධතාකරුවන්ට දන්වා සිටියේ වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී රෝග ලක්ෂණ තිබුණද නොතිබුණද හුදකලාව සිටින ලෙසයි.

 

source : https://www.9news.com.au/national/coronavirus-victoria-update-melbourne-protester-in-hospital-with-covid-19-day-after-protesting-in-the-cbd/2c5c9082-48b3-487a-b0f5-17b4d2555415

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »