Search

දෙසැම්බර් සිට ජාත්‍යන්තර සිසුන් යළිත් NSW ප්‍රාන්තයට – මුල් අධියරේදී ලංකාවට තැනක් නෑ

පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ජාත්‍යන්තර සිසුන් නැවත ගෙන්වා ගැනීමේ සැළසුම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ සඳහා ෆෙඩරල් රජයේද අනුමැතිය ලැබී ඇතැයි NSW ප්‍රාන්ත රජය කියාසිටී.

රටට පැමිණීමෙන් පසු දින 14 ක කාලයක් අදාළ සිසුන් සිඩ්නි Redfern හි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතු වනවා.

පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙස 500 ක පිරිසක් දෙසැම්බර් මාසය අවසානය වනවිට කුලී ගුවන් යානා යොදාගනිමින් ගෙන්වා ගැනේ.

ඔවුන් විසින් අදාළ ගුවන් ගමන් සඳහා මුදල් ගෙවිය යුතුයි.

එම සිසුන් ෆයිසර් – ඇස්ට්‍රාසෙනෙකා හෝ මොඩර්නා යන එන්නත් අතුරින් මාත්‍රා 02 ම ලබාගෙන තිබිය යුතු වනවා.

සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, ජපානය, තායිලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපද සිසුන්ට මුල් අදියරේදී ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි වනවා.

ශ්‍රී ලංකාව පළමු අධියරේ ලැයිස්තුවට ඇතුළත් කර නොමැත.

පහත අධ්‍යාපන ආයතන විසින් මෙම වැඩසටහන සඳහා එකග වී තිබේ.

Western Sydney University, Macquarie University, The University of Sydney, UNSW, UTS, Australian Catholic University, The University of Newcastle and the University of Wollongong.

 

Source : https://www.sbs.com.au/news/vaccinated-international-students-to-return-to-nsw-by-the-end-of-the-year/5c4a1a07-19fc-4895-ba78-e418fb12f4f4

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »