රජයේ මුදල් අවභාවිත චෝදනා එල්ලවූ Christian Porter ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අගමැති ස්කොට් මොරිසන්ගේ කැබිනට් මණ්ඩලයෙන් Christian Porter ඉල්ලා අස්වි තිබේ.

ඒ සිය පුද්ගලික නීති ගාස්තු ගෙවීම සඳහා රජයේ මුදල් අවභාවිත කල බවට වන චෝදනා එල්ලවීම හේතවෙනුයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අගමැති මොරිසන් විසින්ද ඉහළ බළධාරීන් වෙත දැනුම් දී තිබුණා.

පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා කියාසිටියේ චෝදනාවලින් නිදහස්වීමට Christian Porter විසින් ප්‍රමාණවත් සාක්ෂි ලබාදී නොමැති බවයි.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට තමන්ට සිදුවූ බවද ස්කොට් මොරිසන් ප්‍රකාශ කලේය.

මේ අනුව පාර්ලිමේන්තුවේ පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගැනීමටද Christian Porter ට සිදුවේ.

 

Source : https://www.abc.net.au/news/2021-09-19/christian-porter-resigns-as-minister-over-conflict-of-interest/100474754

 

Pic – ABC News: Ian Cutmore

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »