වික්ටෝරියා සියයට 70 එන්නත්කරණ ඉලක්කය පසුකරයි – සෙනසුරාදා සිට ලිහිල්වන රෙගුලාසි මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 පසු කර යාමත් සමග ලබන සෙනසුරාදා සිට මෙල්බර්න් නාගරික (METRO) කලාපයේ දැනට පවතින සීමා කිහිපයක් ලිහිල් කෙරේ.

ඒ අනුව හෙට එනම් සිකුරාදා රාත්‍රී 12 සිට පහත පරිදි සීමා ලිහිල් වන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසීය.

කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ඇති පුද්ගලයින්ට සහ එන්නත ලබා නොමැති පුද්ගලයින්ට නිවසින් බාහිර හමුවීම් සඳහා උපරිම පුද්ගලයින් දෙදෙනෙකු දක්වා රැස්විය හැකිය.

එනම් Picnic – ඇවිදීම් වැනි සියල්ලට අවසර ලැබේ.

මාත්‍රා 02 ම ගෙන ඇති නිවාස 02 ක පදිංචි වැඩිහිටියන් 05 දෙනෙකුට හා පවුල්වල සාමාජිකයන්ට බාහිර හමුවීම් සඳහා අවසර.

සංචරණය කල හැකි කලාපය දැනට පවතින කිලෝමීටර් 05 සිට 10 දක්වා ඉහළ දැමේ.

ශරීර සුවතා සඳහා පිටතට යා හැකි කාලය පැය 02 සිට 04 දක්වා වැඩි කෙරේ.

Outdoor Gyms – Skate parks විවෘත කෙරේ.

කෙසේවෙතත් රාත්‍රී ඇඳිරි නීති කාලය අඛණ්ඩව එලෙසින්ම බලාත්මකය.

Real estate inspections සඳහාද අවසර හිමිවන බව අගමැති ඇන්ඩෲස් පැවසීය.

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »