අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623 කට ආනයන සීමා – සමස්ත ලේඛණය

විදේශ විනිමය අනුපාතිකය රැකගැනීම සඳහා ආනයනය කරන භාණ්ඩ වර්ග 623 කට සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයක් වහාම ක්‍රියාක්මක වන පරිදි පැණවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ජංගම දුරකථන – රූපවාහිනී – ශීතකරණ – විදුලි පංකා – රෙදි සෝදන යන්ත්‍ර – අත් ඔරලෝසු – අව් කණ්ණාඩි වැනි දෑ ඊට අයත්. වායු සමීකරණ යන්ත්‍ර – රබර් ටයර් – ඇපල් – මිදි – දොඩම් වැනි නැවුම් පළතුරු – සුවඳ විලවුන් – බියර් – වයින් ද ඊට අයත් වනවා.

චීස් – බටර් – චොකලට් වැනි ආහාර සඳහාද නව නියමයන් බල පැවැත්වෙනවා.

සමස්ත ලේඛණය

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »