
Lockdown තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණිමට නොහැකිව නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිටින වික්ටෝරියාවාසීන් වෙනුවෙන් විශේෂ නිවාස නිරෝධායන වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය වී තිබේ.
පළමු අධියරේදී 200 ක පිරිසක් විශේෂ බලපත් ක්‍රමයක් යටතේ ප්‍රාන්තය තුළට ගෙන්වාගෙන නිවාස නිරෝධායනයට යොමු කෙරෙනු ඇති.
අගෝස්තු 25 වනදා සිට අද දිනය දක්වා NSW ප්‍රාන්ත බුබුල තුළ සිටි වික්ටෝරියා වාසීන් මේ සඳහා සුදුසුකම් ලබයි.

මේ සඳහා වන බලපත් නිකුත් කිරීම හෙට සිට ලබන 17 වනදා දක්වා සිදු කෙරේ.
වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණිමෙන් පසු ඔවුන් පී සී ආර් පරීක්ෂණයකට යොමු කෙරෙන අතර එහිදී සෘණාත්මක වුවහොත් නිවාස නිරෝධායනයට යොමු කෙරේ.

Pic – Getty