පාඨක Comments වලට මාධ්‍ය ආයතනයට නඩු දැමිය හැකියි – ඔස්ටේ්‍රලියා ඉහළම අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

පාඨකයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන ලද අපහාසාත්මක අදහස් දැක්වීම් (Comments) සඳහා අදාළ මාධ්‍ය ආයතන වගකිව යුතු බවට නඩු දැමිය හැකි ප්‍රතිපාදන පවතින බවට ඔස්ටේ‍රලියාවේ ඉහළම අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

පාඨකයන් මෙන්ම ප්‍රවෘත්ති නියෝජිත ආයතනද සමාජ මාධ්‍ය වගකීමෙන් හසුරුවාලිය යුතු බව දක්වමිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

තමාට එරෙහි දඩුවම පිළිබඳ ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළවූ ප්‍රවෘත්තියකට ලද අදහස් දැක්වීම් අභියෝගයට ලක් කර සිර දඩුවමක් විඳි තරුණයෙකු විසින් පවරන ලද නඩු තීන්දුවක් දෙමිනුයි අධිකරණය මේ බව සඳහන් කලේ.

මෙම තරුණයා විසින් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම මාධ්‍ය ආයතන 03 ක් (Sydney Morning Herald – The Australian – Sky News Australia) විත්තිකරුවන් කරමිනුයි මෙම නඩුව පවරා තිබුණේ.

නඩු විභාගයේදී මාධ්‍ය ආයතන විසින් තර්ක කර තිබුණේ පාඨකයන්ගේ අදහස් දැක්වීම් තමන්ගේ මතය යැයි පිළිගත නොහැකි බවයි.

එහෙත් අපහාසාත්මක අදහස් දැක්වීම් ඉවත් කිරීමට මාධ්‍ය ආයතන සදාචාර සම්පන්න විය යුතු බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.

මේ අතර ABC මාධ්‍ය ආයතනය මේ වනවිටත් ෆේස්බුක් අදහස් දැක්වීම් ස්වයංක්‍රීයව අත්හිටුවීමේ ක්‍රියාදාමයක් අත්හදා බලමින් ඇති බවයි වාර්තා සඳහන් කලේ.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »