දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට වසර 08 කට පසු එක්දින තරගාවලි ජයක්

සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය 02 ට 01 ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති 03 වන හෙවත් අවසාන එක්දින තරගය ලකුණු 78 කින් ජය ගනිමිනුයි.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කලා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලූ 9 ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 203 ක්.

චරිත් අසලංක ලකුණු 47 ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කේෂව් මහරාජ් කඩුලූ 03 ක් බිඳහෙලූ අතර ජෝර්ජ් ලින්ඩේ සහ ටබ්රයිස් ෂම්සි කඩුලූ දෙක බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30 කදී සියලූදෙනා දැවී රැස් කළේ, ලකුණු 125ක් පමණයි.

හෙන්රික් ක්ලාසන් ලකුණු 22 ක් රැස්කළ අතර ජෝර්ජ් ලින්ඩේ ලකුණු 18 ක් ලබාගත්තා.

සිය පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩාකළ මහීෂ් තීක්ෂණ ළකුණු 37 කට කඩුලූ 4 ක් දවාගත් අතර දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලූ දෙක බැගින් බිඳ හෙලුවා.

දුෂ්මන්ත චමීර තරගයේ වීරයා ලෙස නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා චරිත් අසලංක යි.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගත්තේ වසර 08 කට පසුවයි.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව අයි සී සී ලෝක කුසලාන ලීග් ප්‍රසාද ළකුණු සටහනේ 05 වන ස්ථානය දක්වා ඉහළට පැමිණියා.

තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20 තරගාවලිය ලබන සිකුරාදා ආරම්භවීමට නියමිතයි.

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »