අතුරුදන් දරුවා සෙවීමේදී සැකකටයුතු ද්‍රව්‍ය කිහිපයක් සොයාගැනේ

නිවු සවුත් වේල්ස් Hunter ප්‍රදේශයේදී අතුරුදන්ව සිටින 03 හැවිරිදි දරුවා සෙවීමේ මෙහෙයුමේදී සුදු පැහැති Ute එකක් ඇතුලු තවත් සැකකටයුතු ද්‍රව්‍ය කිහිපයක් සොයාගෙන තිබේ.

Anthony “AJ” Elfalak දරුවා අතුරුදන්ව අදට දින 03 ක් ගතවී ඇත.

විමර්ශන නිළධාරීන් විසින් අසළ ඇති ස්ථාන ගණනාවක CCTV කැමරා දර්ශන ලබාගෙන ඇති අතර ඒවාද පරීක්ෂා කිරීම් සිදුකෙරේ.

Anthony “AJ” Elfalak ගේ මව ඊයේ පැවසුවේ සිය දරුවා පැහැරගෙන ඇති බවට සැක කෙරෙන බවයි.

Autism රෝගයෙන් පෙළෙන Anthony Elfalak සිය සහෝදරයාද සමග සෙල්ලම් කරමින් සිටියදී පැහැර ගැනීමට ලක්වූයේ පෙරේදා දහවල් කාලයේයි.

මේ වනවිට පාබල හමුදා – යතුරු පැදි භට කණ්ඩායම් – අශ්වාරෝහක අංශ ඇතුලු විශාල පිරිසක් කිලෝමීටර් 80 ක වපසරියක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

මෙම දරුවාගේ නිවස වටා ඝණ වනාන්තර ප්‍රදේශයක් වීම හමුවේ සෝදිසි මෙහෙයුම් අසීරු වී ඇති බවද පැවසේ.

Autism රෝගී තත්වයෙන් පෙළෙන ඔහුට කථා බහ කිරීමටද නොහැකි බවයි දෙමව්පියන් පවසන්නේ.

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

සිඩ්නි සහ බ්‍රිස්බේන් ගුවන්තොටුපලවලින් මගීන්ට දැනුම්දීමක්

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවයේ ගුවන් ගමන් අවලංගු කිරීම හමුවේ එම ගුවන් යානාවල ආසන වෙන් කර ගත් මගීන්ට අද සහ හෙට ගුවන් තොටුපළට නොයන ලෙසට බ්‍රිස්බේන් සහ සිඩ්නි ගුවන් තොටුපළ දැනුම්දී තිබෙනවා.

Read More »

අද සිට ඔස්ට්‍රේලියාවේ වීසා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසුන්ට අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය අද සිට ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »