මෙල්බර්න් caravan park එකක ගැටුමකින් අයෙකු මියගොස් තවත් දෙදෙනකුට තුවාල

මෙල්බර්න් ගිණිකොණ දිග ප්‍රදේශයේ caravan park එකක සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රී 10 න් පසු දෙපිරිසක් අතර කිසියම් ගැටුමක් හටගෙන ඇති බව සඳහන්.

South Gippsland Highway අසලදීයි මෙම ගැටුම හටගෙන ඇත්තේ.

එහිදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් සොයාගෙන ඇති අතර පසුව ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙහිදී 21 – 25 සහ 32 වියැති 03 දෙනෙකු සුලු තුවාල ලබා ඇත.

ගැටුමට සම්බන්ධ වූවන් එකිනෙකා හඳුනන අය බවද වික්ටෝරියා පොලිසිය පැවසීය.

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »