හිට්ලර්ගේ නාසි සංකේත තහනම් කල පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියා පත්වෙයි

හිට්ලර්ගේ නාසි සංකේත ප්‍රදර්ශනය තහනම් කල පළමු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්ව තිබේ.

වර්ගවාදය පිටුදැකීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගන්නා බවයි ප්‍රාන්ත බළධාරීන් සඳහන් කලේ.

මේ අනුව ස්වස්තිකය ඇතුලු කිසිදු නාසි සංකේතයක් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ප්‍රදර්ශනය කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

ලබන වසර මුලදී මෙය නීතියක් ලෙස සම්මත කර ගැනීමටද වික්ටෝරියා බළධාරීන් සැලසුම් කර තිබේ.

ඒ අනුව එම නීති කඩන කිසිවෙකු හෝ වෙතොත් දඩයක් පැණවෙනු ඇත.

ගෝලීය ඉල්ලීම් නොතකා ගෑස් භාවිතය ගැන රජයෙන් තීරණයක්

ෆොසිල ඉන්ධන භාවිතය ඉවත් කරන ලෙසට ඉදිරිපත් වන ගෝලීය ඉල්ලීම් නොතකා 2050 වන විට ගෑස් නිස්සාරණය සහ භාවිතය වේගවත් කරන බව රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

පලස්තීනයේ ඉල්ලීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ඡන්දය ලබාදෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීන රාජ්‍යයට නව අයිතීන් ලබා දීමට සහ සාමාජිකත්වය ස්ථිර කිරීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී ඔස්ට්‍රේලියාව පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

Read More »

ෆෙඩරල් රජයේ අයවැය ගැන අලුත් බලාපොරොත්තුවක්

ෆෙඩරල් රජය ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් නව නිවාස ඉදිකිරීම සඳහා අතිරේක ආයෝජනයක් ලෙස ඩොලර් බිලියන ගණනක් ලබා දෙනු ඇති බවට වාර්තා වනවා.

Read More »