60 ට වැඩි ලක්ෂ 05 කට අගමැති මොරිසන්ගෙන් ලියුමක්

ඔස්ටේ්‍රලියාව තුළ මෙතෙක් කොවිඩ් එන්නත ගෙන නොමැති වයස අවුරුදු 60 ට වැඩි සියලු වැඩිහිටි ජනතාව වෙත ලිපියක් යොමු කිරීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිබේ.

ෆයිසර් එන්නත ලබා ගැනීමට නොසිට වහා ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබා ගන්නා ලෙස එමගින් ඔහු ඉල්ලීමක් කිරීමට නියමිතයි.

සියයට 70 – 80 එන්නත්කරණ ඉලක්කය ලගාකර ගැනීමේ උත්සාහයක ඔස්ටේ්‍රලියාව මේ වනවිට නිරතවී සිටින බවත් ඊට වයස අවුරුදු 60 ට වැඩි ජනතාවගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවත් අගමැතිවරයා දන්වා සිටී.

වහා ප්‍රාන්ත සීමා විවෘත කරගැනීමට මෙන්ම Lockdown සීමා ඉවත් කිරීමට එන්නත්කරණ ඉලක්කය ජය ගත යුතු බවයි අගමැති ස්කොට් මොරිසන් මෙම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ.

මෙම ලිපිය වයස අවුරුදු 60 ට වැඩි ජනතාව ලක්ෂ 05 ක් වෙත යොමු කිරීමටයි අගමැතිවරයා සැලසුම් කර ඇත්තේ.

දැනට සිඩ්නි නගරයේ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා වෛරසයෙන් බේරීමට නම් වහා එන්නත ලබා ගත යුතු බවටද අගමැති මොරිසන් මෙම ලිපිය හරහා ඉල්ලීමක් කර ඇත.

ඔස්ටේ්‍රලියාවේ වයස අවුරුදු 60 ට වැඩි ජනගහණයෙන් සියයට 20 ක් පමණ මේ දක්වා කිසිදු එන්නතක් ලබාගෙන නොමැත.

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »

ඔලිම්පික් ඉතිහාසයට නව පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

Read More »

තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »