නව විදේශ ඇමති සහ ඔස්ටේ්‍රලියා මහ කොමසාරිස් අතර හමුවක්

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි සමඟ පැවති සුහද හමුවක දී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා වන මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.

බොහෝ අංශ ඔස්සේ ලබාදෙන ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහය අගය කරන අතරම, මුහුදු මාර්ගයෙන් සිදුවන අවිධිමත් සංක්‍රමණය වැළැක්වීම, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම, අධ්‍යාපනය, තාක්‍ෂණික හා වෘත්තීය පුහුණුව, ආර්ථික හා ආයෝජන අංශවල සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සහ උනන්දුව පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් විශේෂයෙන් අවධාරණය කළ අතර, ඕස්ට්‍රේලියාව විසින් ද එය අන්‍යෝන්‍ය වශයෙන් අවධාරණය කරන ලදී.

විදේශ අමාත්‍යවරයාගේ පත්වීම පිළිබඳව මහ කොමසාරිස් හෝලි සිය අවංක ප්‍රශංසාව පළ කළ අතර, සමාජ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සූදානමින් පසුවන බව අවධාරණය කළේය.

ඉන්දියන් සාගරයේ අසල්වැසියන් වන බැවින්, අනාගත සාගර ව්‍යසනයන් වැළැක්වීම සහ හවුලේ උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර හා කලාපීය සංසදයන්හි සහයෝගීතාව ඇතුළු සමුද්‍ර ක්ෂේත්‍රය තුළ සමීප සහයෝගීතාවයේ වැදගත්කම දෙපාර්ශ්වය හඳුනා ගත්හ.

2022 දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම පිළිබඳ 75 වැනි සංවත්සරය හවුලේ සැමරීම සඳහා විදේශ අමාත්‍යවරයා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ද එකඟ වූහ.

මෙම හමුව සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු සහභාගී වූහ.

ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමං වෙයි

එයාර් වනුවාටු ගුවන් සේවයේ ගමන් අත්හිටුවීම හේතුවෙන් හයිව් රොටරි ක්ලබ්හි ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමංවී ඇතැයි වාර්තා වනවා.

Read More »

රුසියානු යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් ගැන දුක හිතෙන කතාවක්

රුසියානු යුක්රේන යුද්ධයේදී කුලී හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Small Business Champions සම්මාන උලළේ අවසන් 7 දෙනා අතරට ශ්‍රී ලාංකීය සමාගමක්

ඔස්ට්‍රේලියන් Small Business Champions සම්මාන උලළේදී හොදම Food manufacturing company ඛාණ්ඩයේ අවසන් 7 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික හිමිකාරිත්වය සහිත සමාගමකට හැකි වී තිබෙනවා.

Read More »