පිටරට ඉන්න ලාංකිකයන් නොනිල මාර්ගවලින් මව්බිමට මුදල් එවීම ඉහළ ගිහින්ලු

2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඒක්සත් ජනපද ඩොලර් මිලියන 478 ක් දක්වා සියයට 16.4කින් පහළ ගොස් ඇත.

කෙසේවෙතත් වසරේ මුල් භාගයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 3,324 ක් දක්වා සියයට 11.6 ක වර්ධනයක් වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කළ විමසීමක දී මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් පැවසුවේ, විධිමත් ක්‍රමවේද ඔස්සේ මුදල් එවන ක්‍රමවල පහළ යාමක් දක්න්නට ඇති බවයි.

මෙය සැබෑ ලෙසම ප්‍රේෂණවල අඩුවීමක් ලෙස නොසලකන බවත්, විදෙස්ගත සේවා නියුක්තිකයින් අවිධිමත් මාර්ග හරහා මෙරට සිය පවුල්වලට මුදල් ඒවීමට කටයුතු කිරීමේ උත්සාහයන් හි වැඩිවීමක් සිදුව ඇති බවට සැක කරනු ලබන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

“පසුගිය වසරේ දී විදේශ ප්‍රේෂණවල හඳුනාගත හැකි විශාල වර්ධනයක් දකින්නට ලැබුණා. මේ වසරේ මුල් මාස කිහිපය තුළ ත් ප්‍රේෂණවල පරිමාවෙහි ක්‍රමික වර්ධනයක් වාර්තා වුණා. නමුත් පසුගිය මාස කිහිපයේ දී ප්‍රේෂණ ප්‍රමාණයෙහි අඩුවක් දකින්න තිබෙනවා. වර්ෂයෙන් වර්ෂයට මෙන්ම මාසයෙන් මාසයට සන්සන්දනය කිරීමේ දී මෙම තත්ත්වය නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි සැක කරනවා මෙය ශ්‍රී ලංකාවට ගලා එන විදෙස් ප්‍රේෂණවල සැබෑ පහළ යාමක් නොවන බවට. නමුත් අපි හිතනවා මෙය සමහර විට පිටරට සේවය කරන අය මෙරට සිටින තම පවුලේ සාමාජිකයින්ට මුදල් ඒවන මාර්ගවල වෙනසක් සිදුකර ඇති වගට.”

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »