Day: August 21, 2021

විනය විරෝධීව හැසිරුණු ක්‍රීඩකයින් 03 දෙනාට ක්‍රිකට් කොන්ත්‍රාත් අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු සඳහා පැවැති අර්බුදය නිමවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ක්‍රීඩකයින් 18 දෙනෙකු එම කොන්ත්‍රාත්වලට අත්සන් තැබූ බවය. මේ වනවිට තහනමකට ලක්වී සිටින නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සඳහා කොන්ත්‍රාත්තු ලබාදී නොමැති අතර ඇන්ජලෝ මැතිව්ස් කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තබා නැත.

Read More »

මෙල්බර්න් – සිඩ්නි උද්ඝෝෂණ : 265 දෙනෙකු අත්අඩංගුවට / $ ලක්ෂ 11 කට අධික දඩ

මෙල්බර්න් නගරයේ පැවති Lockdown විරෝධී උද්ඝෝෂණයට සහභාගීවු පිරිසෙන් 218 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගැටුම්වලදී පොලිස් නිළධාරීන් 06 දෙනෙකු තුවාල ලබා ඇත. මෙහිදී නියම කර ඇති දඩ ප්‍රමාණය ඩොලර් මිලියන 1.1 කට අධික බව සඳහන්. උද්ඝෝෂණයට පැමිණි පිරිස 4000 ඉක්මවා ඇතැයි වික්ටෝරියා පොලිස් වාර්තා කියයි. පොලිස් නිළධාරීන්ට පහරදුන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සෑම අයෙකුටම ඩොලර් 5452 ක දඩයක් නියම වේ. මේ අතර සිඩ්නි නගරයේ පැවති විරෝධතාවයට සහභාගී වූ 47 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

PHOTOS : Lockdown එපා කියා මෙල්බර්න් – සිඩ්නි – බ්‍රිස්බන් විරෝධතා / පොලිසිය සමග ගැටුම්

කොවිඩ් මර්දන Lockdown තත්වයන්වලට විරෝධය පළකරමින් මෙල්බර්න් නගරයේ මේ වනවිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වේ. එහිදී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ගැටුම් ද හටගෙන ඇත. Elizabeth Street හරහා විරෝධතාකරුවන් ඉදිරියට ගමන් කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. මෙම පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා යටතේ දඩ නියම කරන බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ. සිඩ්නි සහ බ්‍රිස්බන් නගරවලද Lockdown විරෝධි උද්ඝෝෂණ පැවැත්වෙන බව සඳහන්.

Read More »

පිටරට ඉන්න ලාංකිකයන් නොනිල මාර්ගවලින් මව්බිමට මුදල් එවීම ඉහළ ගිහින්ලු

2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඒක්සත් ජනපද ඩොලර් මිලියන 478 ක් දක්වා සියයට 16.4කින් පහළ ගොස් ඇත. කෙසේවෙතත් වසරේ මුල් භාගයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 3,324 ක් දක්වා සියයට 11.6 ක වර්ධනයක් වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කළ විමසීමක

Read More »

ඔස්ටේ්‍රලියාවෙන් දිනයක වැඩිම ආසාධිතයන් ඊයේ NSW ප්‍රාන්තයෙන් – 825 න් 676 කට වැළඳුණු හැටි හොයාගෙන නෑ

ඔස්ටේ්‍රලියාවෙන් මේ දක්වා එක් දිනයකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාධිතයන් 825 ක් ලෙසයි. මින් 676 දෙනෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි තවමත් අවිනිශ්චිතයි. සිඩ්නි නගරයෙන් ඊයේ කොවිඩ් මරණ 03 ක් ද වාර්තා විය. NSW recorded 825 new locally acquired cases of COVID-19 in the 24 hours to 8pm last night. pic.twitter.com/GiLWJcnJNz — NSW Health (@NSWHealth) August 21, 2021

Read More »