ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු සඳහා පැවැති අර්බුදය නිමවී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ක්‍රීඩකයින් 18 දෙනෙකු එම කොන්ත්‍රාත්වලට අත්සන් තැබූ බවය.
මේ වනවිට තහනමකට ලක්වී සිටින නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සඳහා කොන්ත්‍රාත්තු ලබාදී නොමැති අතර ඇන්ජලෝ මැතිව්ස් කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තබා නැත.