තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් ලබාගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වී තිබේ.
අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ පෝලන්ත රජය විසින් එම මාත්‍රා ලබාදීමට කැමැත්ත පළකර ඇති බවයි.
මෙහි පළමු කොටස අද රාත්‍රියේ ඔස්ටේරලියාවට ළගාවීමට නියමිතයි.
දැනට කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ 12 ක වයස අවුරුදු 20 ත් 39 ත් අතර පිරිස් සඳහා මෙම එන්නත් ලබාදීමට නියමිතයි.
මෙම එන්නත් ලැබීමත් සමග සතියකට මාත්‍රා ලක්ෂ 15 ක් බැගින් එන්නත් කිරීමට ඔස්ටේ්‍රලියාවට අවස්ථාව උදා වනවා.