Search

දෙසැම්බර් 01 වනවිට ලංකාවේ කොවිඩ් මරණ 12,000 ඉක්මවනු ඇතැයි අනාවැකියක්

ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ් අර්බුදය තවදුරටත් වර්ධනය වුවහොත් එළඹෙන දෙසැම්බර් මාසය වනවිට තුළ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවනු ඇති බව වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය හෙවත් IHME ආයතනය පවසයි.

පවතින තත්ත්වය යටතේ දැනට ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 100 ඉක්මවන අතර එය තවදුරටත් වර්ධනය වුවහොත් දිනකට මරණ 350ක් දක්වා සිදුවිය හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.

ඒ අනුව දෙසැම්බර් මස 01 වනදා වනවිට තුළ සිදුවිය හැකි මරණ 12,613 ක් බව ඔවුන් පුරෝකථනය කර තිබේ.

කෙසේවෙතත් මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් එම මරණ සංඛ්‍යාව 22,000 දක්වා ද ඉහළ යා හැකි බව එම ආයතනය සඳහන් කරයි.

Source – https://covid19.healthdata.org/sri-lanka?view=cumulative-deaths&tab=trend 

මේ අතර ඊයේ (12) දිනයේදී ශ්‍රී ලංකාවෙන් 3,000කට වැඩි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 3,039 දෙනා ද සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 345,118 දෙනෙකු දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 37,199 ක්.

පසුගිය 11වැනිදා සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 156ත් සමග වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,620ක් දක්වා ඉහළගොස් ඇත.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »