ඇසළ පෙරහර මංගල්‍යය ඔස්ටේ්‍රලියාවේ ඔබට පළමු වරට AusLanka TV වෙතින් අද සිට

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතයි.

පවතින කොවිඩ් වසංගතය හමුවේ මෙවර ඇසළ මංගල්‍යය ජනතා සහභාගිත්වයෙන් තොරවයි පැවැත්වෙන්නේ.

අද සිට ලබන 17 වැනිදා දක්වා කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරුණ ද එය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ලබන 18 වැනිදා ආරම්භ වන අතර, 22 වැනි දිනට යෙදෙන පොහෝ දිනයේ දී අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිත යි.

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඔස්ටේ්‍රලියාව ඇතුලු ලොව පුරා වාසය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සජීවීව විකාශය කිරීමට AusLanka TV කටයුතු යොදා තිබේ.

ඔස්ටේ්‍රලියාවේ සිට ක්‍රියාත්මක වන සිංහල මාධ්‍ය නාලිකාවක් එලෙස ඇසළ පෙරහර සජීවීව විසුරුවා හරින පළමු අවස්ථාවද මෙයයි.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »