Search

ඔස්ටේ්‍රලියාව තුළ මොඩර්නා එන්නත භාවිතය සඳහාද අනුමැතිය

කොවිඩ් මර්දන මොඩර්නා එන්නත හදිසි භාවිතය සඳහාද ඔස්ටේ්‍රලියාව අනුමැතිය ලබාදී තිබෙනවා.

මේ අනුව භාවිතයට ගැනෙන 03 වන කොවිඩ් එන්නත බවට එය පත්වනු ඇති.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ භාවිතයට ගන්නා අනෙක් එන්නත් වර්ග 02 වන්නේ ෆයිසර් සහ ඇස්ට්‍රා-සෙනෙකායි.

කෙසේවෙතත් මොඩර්නා එන්නත භාවිතයට අවසර හිමිවන්නේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ට පමණයි.

මේ වනවිටත් ඔස්ටේ්‍රලියාව විසින් මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 25 ක් ඇණවුම් කර තිබෙනවා.

ලබන මාසයේ සිට ඒවා භාවිත කිරීමට නියමිතයි.

මොඩර්නා පළමු මාත්‍රාව ලබාදී දින 28 ක් තුළ දෙවන මාත්‍රාව ලබාදිය යුතු වනවා.

සෙසු රටවලට සාපේක්ෂව ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ වේගය ප්‍රමාද බවටයි චෝදනා එල්ල වන්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »