ෆයිසර් හා මොඩර්නා එන්නත් මෙල්බර්න් තුළදී නිෂ්පාදනය කිරීමේ යෝජනාවක්

ෆයිසර් හා මොඩර්නා එන්නත් ඔස්ටේ්‍රලියාව තුළදීම නිෂ්පාදනය කිරීමේ යෝජනාවක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඉදිරිපත් කර ඇත.

ඒ සඳහා ප්‍රාන්ත රජය විසින් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 50 කි.

වික්ටෝරියා ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙනු ඇති.

මෙම එන්නත් නිෂ්පාදනාගාරය මෙල්බර්න් නුවර ස්ථාපිත කිරීමට නියමිතයි.

දැනට යුරෝපයේ සහ අමෙරිකාවේ සිට එන්නත් ගෙන්වා ගැනීමට වැයවන කාලය මෙන්ම මුදල්ද මෙමගින් ඉතිරිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් මේ සඳහා තවත් වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

දැනට මෙරටදී නිපදවනු ලබන්නේ කොවිඩ් මර්දන ඇස්ට්‍රා-සෙනෙකා එන්නත පමණි.

ඔස්ට්‍රේලියාවේ Small Business Champions සම්මාන උලළේ අවසන් 7 දෙනා අතරට ශ්‍රී ලාංකීය සමාගමක්

ඔස්ට්‍රේලියන් Small Business Champions සම්මාන උලළේදී හොදම Food manufacturing company ඛාණ්ඩයේ අවසන් 7 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික හිමිකාරිත්වය සහිත සමාගමකට හැකි වී තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත නිසා ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව හෙළිවෙයි

කොවිඩ් වෛරස් මර්දනය සඳහා ලබාගත් එන්නත් හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 11,000ට අධික පිරිසක් මිය ගොස් ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »