
කොවිඩ් මර්දන මොඩර්නා එන්නතට අනුමැතිය දීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.
ඒ අනුව භාවිතයට ගනු ලබන 03 වන කොවිඩ් මර්දන එන්නත බවට එය පත්වනු ඇති.
දැනට ඔස්ටේ්‍රලියාව තුළ භාවිතයට ගන්නා එන්නත් වර්ග 02 වන්නේ ෆයිසර් සහ ඇස්ට්‍රා-සෙනෙකා යි.

මේ වනවිට මොඩර්නා එන්නත සඳහා අනුමැතිය ඉල්ලා ඇති අතර ඉදිරි සති 02 තුළදී එම අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.
දෙසැම්බර් වනවිට මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 04 ක් ඔස්ටේ්‍රලියාවට ලැබෙනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලා.
