විමුක්ති දේශපාලනයට එනවාද ? චන්ද්‍රිකා උත්තර දෙයි

තම පුත්‍රයා වන විමුක්ති කුමාරණතුංග ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

අදාල පුවත සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරන අතර මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

විමුක්ති කුමාරණතුංගට දේශපාලනයට පැමිනිමේ කිසිදු අවශ්‍යතාවක් හෝ කැමැත්තක් නොමැති අතර දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායකවරුන් සිදු කළ කැපකිරීම් සහ ලද පීඩාවන් ඔහුට ද උරුම කරවීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බව එම නිවේදනයේ සදහන්.

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »