ටෝකියෝ ඔලිම්පික් උළෙල අදින් නිමාවට – ඔස්ටේ්‍රලියාව 06 වන ස්ථානයේ

දින 16 ක් පුරා පැවති 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අදින් නිමාවට පත්වනවා.

ටෝකියෝ වේලාවෙන් පස්වරු 08 ට සමාප්ති උත්සවය ආරම්භවීමට නියමිතයි.

ඊට පෙර අද පෙරවරුවේ පිරිමි මැරතන් ධාවන තරගය ඇතුලු අවසාන ඉසව් කිහිපයක්ද පැවැත්වෙනු ඇති.

කොවිඩ් තත්වය හමුවේ සමාප්ති උත්සවයද නරඹන්නන්ගෙන් තොරව සංවිධාන කර තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දල්වා ඇති ඔලිම්පික් පහන නිවා දැමීම මෙන්ම 2024 වසරේදී ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත ප්‍රංශයේ පැරිස් නගරය වෙත ඔලිම්පික් ධජය භාරදීමද සමාප්ති උත්සවයේදී සිදුකෙරෙනවා.

ටෝකියෝ ඔලිම්පික් උළෙල් පදක්කම් සටහනට අනුව තවමත් පෙරමුණේ පසුවන්නේ චීනයයි.

රන් පදක්කම් 38 ක් / රිදී 31 ක් සහ ලෝකඩ 18 ක් ඔවුන් දිනාගෙන තිබෙනවා.

අමෙරිකාව 02 වන ස්ථානයේ පසුවන්නේ රන් 36 ක් / රිදී 39 ක් සහ ලෝකඩ 33 ක් හිමිකර ගනිමිනුයි.

රන් 27 ක් / රිදී 12 ක් සහ ලෝකඩ 17 ක් සමග සත්කාරක ජපානය 03 වන ස්ථානයට පත්ව තිබෙනවා.

රුසියානු ඔලිම්පික් කමිටුව 04 වන ස්ථානයේත් / මහා බ්‍රිතාන්‍යය 05 වන ස්ථානයේත් / ඔස්ටේ්‍රලියාව 06 වන ස්ථානයේත් පසුවනවා.

රටවල් 93 ක් විසින් කුමන හෝ පදක්කමක් දිනාගෙන ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනාට කිසිදු පදක්කමක් දිනා ගැනීමට හැකිවූයේ නැහැ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »