ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ සමස්ත කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබේ.
ඒ ඊයේ දිනයේ තවත් මරණ 98 ක් වාර්තා වීමත් සමගයි.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ මුලු කොවිඩ් මරණ ගණන 5,017 දක්වා ඉහළ යයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 51 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 47 දෙනා පිරිමි පුද්ගලයින් ය.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 20 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 78 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.