වික්ටෝරියා ප්‍රාන්තයට අමතර ෆයිසර් මාත්‍රා 150,000 ක් / අවධානම් ස්ථාන ලැයිස්තුවත් ඉහළට

දැනට සුදුසුකම් ලබා ඇති සියල්ලන් හැකි ඉක්මණින් කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් දන්වා සිටිනවා.

එහෙත් වයස අවුරුදු 40 ට අඩු සියල්ලන්ට ලබා දීමට තරම් එන්නත් ප්‍රාන්තයට ලැබී නොමැති බවයි අගමැතිවරයා කියාසිටියේ.

නමුත් අමතර ෆයිසර් මාත්‍රා 150,000 ක් ලබාදීමට අගමැති ස්කොට් මොරිසන් ඊයේ දිනයේදී තමන්ට දුරකථනයෙන් අමතා පොරොන්දු වූ බවද වික්ටෝරියා අගමැතිවරයා ප්‍රකාශ කලා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ Taylors Hill / Caroline Springs / Flemington / Tarneit / Truganina / Werribee ප්‍රදේශ ගණනාවක අවධානම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

එම සමස්ත ලැයිස්තුව පහතින්.

https://www.coronavirus.vic.gov.au/exposure-sites

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »