“කිසිදු සේවකයෙකුට කොවිඩ් එන්නත් අනිවාර්ය කිරීමේ තීරණයක් ගෙන නෑ”

කිසිදු අංශයක සේවකයෙකුට කොවිඩ් මර්දන එන්නත් අනිවාර්ය කිරීමේ තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් එවැනි තීරණයක් ගැනීමට අපේක්ෂාවක් හෝ නොමැති බවත් අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කරයි.

එහෙත් දැඩි අවධානම් ක්ෂේත්‍රවල සේවය කරන සේවකයන් සඳහා එන්නත අනිවාර්ය කල යුතු බවට පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ.

අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අගමැති මොරිසන් මේ බව සඳහන් කලේ.

කෙසේවෙතත් තෝරගත් රැකියා ස්ථානවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

රටේ මුලු ජනගහණයෙන් අවම වශයෙන් සියයට 70 ක් හෝ එන්නත්කරණයට ලක් කිරීමෙන් පසුව එවැනි වැඩපිළිවෙලකට යාම සුදුසු බවටද යෝජනා වී තිබේ.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »