ශ්‍රී ලංකාව බරපතල අඩියක – කොළඹ ආසාධිතයන්ගෙන් 75% කට ඩෙල්ටා – වැඩිම මරණ ඊයේ

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව ඊයේ තහවුරු වුණා.

ඒ මරණ 94 ක් ලෙසයි.

මේ අනුව මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4821 දක්වා ඉහළ ගියා.

ඊයේ මරණවලින් 73 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 19 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.

02 දෙනෙකු වයස අවුරුදු 30 ට අඩු අයයි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2674 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 03 ලක්ෂ 21 දහස් 429 ක්.

මේ අතර මේ වනවිට කොළඹ නගරය තුළ වාර්තා වන කොවිඩ් 19 ආසාධිතයන්ගෙන් සියයට 75 ක් ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයන් බව තහවුරු කරගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර නිකුත් කල ට්විටර් පණිවිඩයක එය සඳහන්.

ජූලි පළමු සතියේ කොළඹින් වාර්තාවූ ඩෙල්ටා ආසාධිතයන් ප්‍රතිශතය සියයට 19 ක් පමණ වුවද පසුගිය සතියේදී එය සියයට 75 ඉක්මවා ගොස් තිබෙනවා.

ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය අතිශයින් සැලකිලිමත් විය යුතු බරපතළ තත්ත්වයක් බවටයි.

https://twitter.com/chandi2012/status/1423257800143085579?s=20