අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයන්න අලුත් මෙහෙයුමක්

මීට මාස 4කට ඉහතදී මෙල්බන්හි පදිංචිව සිටියදී අතුරුදන්වු සමන්තා මර්ෆි නම් කාන්තාව සේවීමේ මෙහෙයුම් අද යළිත් ආරම්භ කර තිබෙනවා.

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන රහස් පරීක්ෂක කණ්ඩායම විසින් ඇය අවසන්වරට දැක ඇති Ballarat ප්‍රදේශය ඉලක්ක කරමින් නව සෝදිසි මෙහෙයුම් සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සෝදිසි මෙහෙයුම් පිළිබද යළිත් ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත ද දැනුම් දී ඇති අතර පසුගිය මාස කිහිපයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් කිසිදු නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට හැකිවුයේ නැහැ.

අද සිදු කෙරෙන මෙහෙයුම් පිළිබඳ තොරතුරු කිසිවක් මෙතෙක් නිකුත් කර නොමැති අතර සමන්තා මර්ෆි උදෑසන ව්‍යායාම් සදහා පිටව ගිය කැනේඩියන් ස්ටේට් ෆොරස්ට් (Canadian State Forest) ප්‍රදේශය පසුගිය සමයේ පුලුල් සෝදිසි කිරිමකට ලක්කර තිබුණා.

ඇය අවසන් වරට දැක ඇත්තේ පෙබරවාරි 4 වනදා උදෑසන ව්‍යායාම් කටයුතු සඳහා බැලරට් හි පිහිටි නිවසින් පිටව යමින් සිටියදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යළිත් ලබන අගෝස්තු මාසයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »