Search

පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 20ක පරාජයක්

T20 ලෝක කුසලානයට අදාළව නෙදර්ලන්තය සමග ඊයේ පැවති පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 20ක පරාජයක් හිමිවී තිබෙනවා.

අමෙරිකාවේ ෆ්ලෝරිඩාහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීම ටයි.

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 181ක් රැස් කළා.

ඩිල්ෂාන් මධුෂංක ලකුණු 39ට කඩුලු දෙකක් බිඳ හෙලුවා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් වන වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ පන්දු යවා තිබුණේ නැහැ.

ලකුණු 182ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී වනිඳු හසරංග පන්දු 15කින් ලකුණු 35ක් රැස්කිරීමට සමත් වුණා.

දසුන් ශානක ලකුණු පන්දු 20කදී නොදැවි ලකුණු 35ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 31ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය ලබන 31 වනදා අයර්ලන්තයට සමග පැවැත්වීමට නියමිතයි.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »