සිඩ්නිහි පදිංචිකරුවෙකුට අමතක නොවන ලොතරැයි ජයක්

ඩොලර් 13ක් දිනා ඇති බවට සිතු ලොතරැයියකට ඩොලර් මිලියන 13ක ජයක් ලැබූ පුද්ගලයෙක් පිළිබඳ සිඩ්නි නුවරින් වාර්තා වනවා.

ලොතරැයි ප්‍රතිඵල නිරීක්ෂණයෙන් පසු ඔහු මුලින් සිතා ඇත්තේ තමන් ඩොලර් 13ක් දිනා ඇති බවයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කළ පරික්ෂාවේදී එම ලොතරයියට ඩොලර් මිලියන 13ක ත්‍යාගයක් ඇති බව හෙළිවී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ Oz Lotto දිනුම් ඇදීමෙන් පළමු කොටසේ ජයග්‍රහණයක් ඔහුට හිමි වී ඇති අතර මෙම මුදල් තම ව්‍යාපාර කටයුතු වෙනුවෙන් යොදවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මෙවැනි ජයක් ලැබුව ද කිසිසේත්ම විශ්‍රාම යාමට සැලසුම් නොකරන බව ද එම පුද්ගලයා අවධාරණය කළා.

ත්‍යාග මුදලින් කොටසක් තම ව්‍යාපාරයට යොදවන අතර ඉතිරි මුදල්වලින් පවුලේ සාමාජිකයන්ට උදව් කරන බව එම පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »